(මොහොමඩ් ආසික් )
මධ්‍යම පළාතේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත මුල්ම රෝගීන් කිහිප දෙනෙකු හමු වීම හේතුනේ දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ ප්‍රදේශය අද (03) වනදා සිට යළි විවෘත කරනු ලැබ තිබේ.
කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් කිහිප දෙනෙකු මුලින් හමු වීමත් සමඟ අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිළධාරි වසම් 18 ක් හුදකලා කරනු ලැබූ අතර පුද්ගලයින් 144 දෙනෙකු නීරෝධායන මධ්‍යස්ථානවට යොමු කර තිබිණ.
කෙසේ නමුත් එලෙස නීරෝධායනය වූ පුද්ගලයින් අතර කිසිවෙකුටත් වෛරසය ආසාදනවී නොතිබූ අතර මුල් ආසාදිතයින්ගෙන් පසුව වෙනත් කිසිදු ආසාදිතයෙකුද මෙම ප්‍රදේශයෙන් හමු නොවිණ.
මේ අනුව හෙට 04 වනදා දිවයින පුරා ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ අකුරණ ප්‍රදේශයේද දින 37 කට පසුව ඇඳිරි නීතිය ඉවත් කිරිමට නියමිතව තිබේ

