තවත් කොරෝනා මරණ 3 ක්


 

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද (16) දිනයේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

මොරටුව ප්‍රදේශයේ 84 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 සහ කොළඹ 13 ප්‍රදේශවල අවුරුදු 70 ක සහ 75 ක පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් අද දිනයේදී මිය ගිය පුද්ගලයින් අතර වෙති.

මෙම මරණ 3 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 61 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.