
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද (7) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
අද දිනයේදී මියගොස් ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62 සහ 77 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.
මෙම මරණ 2 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගිය බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.


