(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සහ වරාය වල සේවයේ නියුතු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාවිතය සදහා මුඛ සහ අත් ආවරණ තොගයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ඉදිකිරීම් සමාගමක් සහ චීන සංචාරක ප්‍රවර්ධන සමාගමක් විසින් අද(4) ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණ පරිත්‍යාගය කර තිබේ.
ෂැන්ග් හයියාටයි ඉදිකිරීම් සමාගමේ සාමාන්‍යාධිකාරී වෑන් ගුවෝ ජුන් මහතා සහ හැපි ටුවර් සමාගමේ සභාපතිනිය වන ලියු ටින්ග් ටින්ග් මහත්මිය විසින් මෙම මුඛ ආවරණ 1,000 ක් සහ අත් ආවරණ 500 ක් ප්‍රධාන ආගමන විගමන නිලධාරී ඩී.එස්.ඒ.දෙහිවත්ත මහතා වෙත බාර දී තිබේ .
දේශීය වෙළෙඳපළ තුළ මෙම මුඛ සහ අත් ආවරණ ප්‍රමාණවත් පරිදි සොයා ගැනීම අපහසු මොහොතක , මෙම පරිත්‍යාගය අතිශයින්ම වැදගත් වන අතර , මෙම උපකරණ දවසේ පැය 24 පුරා ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් තොටුපළ වල සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් වෙත බෙදාදීමට නියමිතය.


