ප්‍රින්ස් රත්නායක
කෝවිඩ් 19 වසන්ගතය ශ්‍රී ලංකාවෙන් තුරන්කිරීමේ ප්‍රයත්නයට දායක වෙමින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය මගින් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක වෛද්‍ය උපකරණ ලබාදීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේදී සිදුකරනු ලැබීය.
මෙම ප්‍රදානය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත පිරිනැමුණු අතර දැඩිසත්කාර ඒකක ඇඳන් 54 ක් පී.පීඊ. ( සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල) පන්දහසක් ඇතුලු වෛද්‍ය උපකරණ ඊට ඇතුළත්ව තිබේ.
ජාතික විශ්වවිද්‍යලයන්හි ආචාර්යවරු මෙම පිරිනැමීමට එක්ව ඇති අතර එම ආචාර්ය සංගමය නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශ්‍යාම බන්නැහැක , සංගමයේ භාණ්ඩාගාරික පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය භරණ ජයවර්ධන, උප සභාපති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමන් යාපා, හිටපු සභාපති විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු සහ යන මහත්වරුන් මේ සඳහා එක්වූහ.


