කොවිඩ් මරණ තවත් 72ක්


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 72 දෙනකු ඊයේ (22) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 12,448 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 60 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 12 දෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 42 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 30 දෙනෙක් ද වෙති