
( බන්ධුල ඉලේපෙරුම )
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රෝගීන් හඳුනාගැනීමට, නිරෝධායන කටයුතුවලට, අහඹු පීසීආර් පරීක්ෂණවලට සහ සුබසාධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 70,000ක් පමණ රජය මගින් යොදවා ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(12) පාර්ලිමේන්තුවේදී 2020 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
අනපේක්ෂිත කොවිඩ් දෙවැනි රැල්ල හමුවේ රටේ කොවිඩ් මරණ අනුපාතය 0.3%ක පමණ අගයක පවත්වාගැනීමටද හැකියාව ලැබුණු බව අගමැතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

