අවතැන් වූවන් 350,000ක් පමණ ජීවත්වන මියන්මාරයේ කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් මහත් ව්‍යසනයක් සිදුවිය හැකි බව මානව හිමිකම් වොච් සංවිධානය පවසයි.
දුර්වල සනීපාරක්ෂාව, අධික තදබදය සහ සීමා කිරීම් හමුවේ මෙම කණ්ඩායම කොරෝනා වයිරසයට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව ඔවුහු පවසති.
පසුගිය සතියේ මියන්මාරයේ පළමු ආසාදිතයා වාර්තා වූ අතර සඳුඳ (30) පළමු මරණය සිදුවිය.
මිලියන 51ක පමණ ජනතාවක් සිටින මියන්මාරයේ දුර්වල සෞඛ්‍ය පද්ධතිය හමුවේ විශාල පිරිසකට මූලික සෞඛ්‍ය පහසුකම් පවා නොමැති බව ඔවුහු පෙන්වා දෙති.
රඛයින්, කචින් සහ උතුරු දිග ෂාන් කඳවුරු වල අවතැන්වූවන්ගේ සෞඛ්‍යය දැනටමත් දුර්වල තත්ත්වයක පවතින බවත් පිරිසිදු ජලය හා වෙනත් අත්‍යාවශ්‍ය සේවාවන් සීමිත බවත් සඳහන් වේ.
කඳවුරකදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අතිශය දුෂ්කර ක්‍රියාවලායකි.
"යමෙකු අසනීප වී විශේෂ ප්‍රතිකාර අවශ්‍ය වුවහොත් ඒ සඳහා නිල අවසරයක් ලබා ගත යුතු අතර බොහෝවිට එයට දින කිහිපයක් ගතවේ. රෝහලට යෑමට අවශ්‍ය වුවහොත් ආරක්ෂක සහායකයෙකු සඳහා ගෙවීම් කළ යුතුය." යනුවෙන් එම සංවිධානය පවසයි.
රඛයින් ප්‍රාන්තයේ මුස්ලිම්වරුන් 130,000ක් පමණ එළිමහන් රැඳවුම් කඳවුරු වල වාසය කරන අතර එහි සෞඛ්‍ය පහසුකම් අතිශයින්ම සීමිතය.
කොවිඩි - 19 පරීක්ෂණ පහසුකම් නොමැත. එවැනි කඳවුරුවල එක් වැසිකිලියක් 40 දෙනකු පමණ බෙදාගෙන පරිහරණය කරති.
එක් ජල කරාමයක් 600 ක් පමණ පරිහරණය කරති. මේ මගින් වයිරසය පහසුවෙන් සම්ප්‍රේෂනය වන බව මනව හිමිකම් වොච් සංවිධානය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)

