කොරෝනා මරණ 79ක් වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 79 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,609 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 57 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 22 දෙනෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 41 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 38 දෙනෙක් ද වෙති