කොරෝනා මරණ 240,000 පනී


චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් සහ නෞකා දෙකක් හරහා පැතිර ගොස් තිබේ. අද (3 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.00 වන විට එයින් ලෝක පුරා සිදුවූ මරණ සංඛ්‍යා 240,000 ඉක්මවා තිබිණ.

කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් වූ රටවල් අතර ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයේ පසුවුවද ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තාවූයේ මරණ 7 ක් පමණි.