ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසට එරෙහි සටන් වැදීම සඳහා තමන් සමඟ එක්වන්නැයි බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා එරට විපක්ෂයට ආරාධනා කර ඇත.
බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා විපක්ෂයේ සිටින පක්ෂවල නායකයන්ට එම ආරාධනය කර ඇති අතර ඔවුන්ගේ අදහස් විමසීමට අවශ්‍ය යැයිද පවසා ඇත.
ලබන සතියේ දී බ්‍රිතාන්‍යය රජයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා සහ ප්‍රධාන විද්‍යා උපදේශකවරයාගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වෙන වන බව කී අග්‍රාමාත්‍යවරයා ඊට එරට දේශපාලන පක්ෂ සියල්ලේම (විපක්ෂයේ පක්ෂ ) නායකයන්ට ආරාධනා කරන බව කීය.
ද ගාඩියන්
055

