කොරෝනා බලපෑමෙන් මිදෙන්න යුරෝ බිලියන 500 ක සහන මල්ලක්


කොරෝනා වෛරසයේ බලපෑමෙන් පීඩාවට පත්ව සිටින යුරෝපා රටවල් ඉන් මුදාගැනීමට යුරෝ බිලියන 500 ක පැකේජයක් ලබාදීමට යුරෝපා මුදල් අමාත්‍යවරු එකගවෙති.

යුරෝ සමූහයේ සභාපති මාරියෝ සෙන්ටෙනෝ බ්‍රසල්ස්හිදී පැවති සාකච්ඡාවලින් පසු මේ පිළිබඳ අනාවරණ කළේය.

කොරෝනා වෛරසය දැඩි ලෙස පැතිරීම වැළැක්වීමට රට වසා දමන බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීමෙන් පසු මෙම තීරණය ප්‍රකාශයට පත්විය.

යුරෝපයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හදුනාගෙන ඇති රට ස්පාඤ්ඤයයි.

එරටින් මේ වන විට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 152,446 වන අතර සිදුවී ඇති පුද්ගලයින් 15,000 වැඩි පිරිසක් මරණයට පත්වී සිටිති.

1930 දශකයෙන් පසු ලෝකය මුහුණ දෙන ප්‍රබලම ආර්ථික අර්බුදයට ලෝකය මුහුණ දෙමින් ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල අනතුරු ඇඟවීය.

එහි ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝජීවා පැවසුවේ කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ලෝක අර්ථික වර්ධනය මෙම වසරේ තියුණු සෘණාත්මක තත්ත්වයක් පෙන්නුම් කරනු ඇති බවයි.

මුදාගැනීමේ සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස යුරෝපා ස්ථාවරත්ව යාන්ත්‍රණය හෙවත් ඇපදීමේ අරමුදල මගින් යුරෝ බිලියන 240 ක මුදලක් ලබා දෙනු ලැබේ.

මීට අමතරව ජාතික කෙටිකාලීන වැඩ යෝජනා ක්‍රම සඳහා යුරෝපා කොමිසමේ ව්‍යාපෘතියකට සහ යුරෝපා ආයෝජන බැංකුවෙන් යුරෝ බිලියන 200 ක ඇපකරයක් සඳහා ද යුරෝපා ඇමතිවරු එකඟවූහ.

(බීබීසී ඇසුරෙනි)
-226-