(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනයාට ආධාර ලබාදෙන ඇතැම් දේශපාලනඥයින්, එම ආධාර දීම් ඡායාරූප ගතකරමින් ජනමාධ්‍ය හා සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම යෝග්‍ය නොවන බවද, එලෙස කටයුතු නොකරන ලෙසද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද(04) ඉල්ලීමක් කළේය.
කොරෝනා ආපදා තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී තම දේශපාලන ප්‍රචාරයන් ලබාගැනීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටී.
කොරෝනා වසංගතය පරාජය කිරීමට සටන් කරන මොහොතක එවැනි ලාභ ප්‍රචාරණ කටයුතු නොකරන ලෙසද, මෙම අවස්ථාවේදී වාද භේදවලින් තොරව ක්‍රියාකරන ලෙසටද, ඔහු ඉල්ලා සිටී.
කෙසේවෙතත් මෙම තත්වයේදී ආගමික නායකයන්, ව්‍යාපාරික ප්‍රජාව, සමාජ සේවයකයන් හා දානපතීන්ගේ දායකත්වය අගය කරන බවද ඔහු නිවේදනයේ සඳහන් කරයි.


