කොරෝනා ආසාධිතයකු කුරුණෑගලින් හමුවෙයි


(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී කොරෝනා ආසාධිතයෙකු බවට හඳුනාගත් ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අයිඩීඑච් උණ රෝහලට අද (14) යැවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය .

උඩුබද්දාවේ පදිංචි අවුරුදු 31ක් වයැසැති තරුණයෙකු වන ඔහු උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව හට ගැනීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා උඩුබද්දාව රෝහලට ඇතුළත් වීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට එවීමෙන් අනතුරුව කරන ලද පරීක්ෂණ වලින් කොවිඩ් 19 ආසාධිතයෙකු බවට අනාවරණය වී තිබේ.