කොරෝනා ආසාධිත තවත් දෙදෙනෙක් හමුවේ


(ඩයනා උදයංගනී)

මෙරට තවත් පුද්ගලයන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.                  

ඔවුන් දෙදෙනා ද ඉතාලියේ සිට පැමිණි අය බව අමාත්‍යවරිය කීවාය.

ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ.