( දිල්රුක්ෂි ග්‍රේරු)
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 162 ක දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
අද උදෑසන වන විට අසාදිතයින් 159 දෙනකු වාර්තාවී තිබිණි.
ඊයේ (3) දනයේදී අසාදිතයින් 8 දෙනකු සහ අද දිනයේදී තිදෙනකු වාර්තා වී ඇත.
ඇමෙරිකාව සහ දකුණු කොරියාවේ සිට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානයක සිටි දෙදනකුද අද වාර්තා වූවන් අතර සිටින බව අනිල්ජාසිංහ මහතා කීවේය.
තවත් පුද්ගලයෙක් පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ සිට හඳුනාගෙන ඇති අතර තවත් අයෙක් හලාවත ප්‍රදේශියේ අයෙකි. විදේශිකයින් හා ළගින් ඇසුරු කළ පුද්ගලයෙක් ,කලුතර ප්‍රදේශයේ ගැබිනි මවක්,අකුරණ ආසාදිතයා ඇසුරු කළ දෙදනකුද මේ අතර වෙති.

