කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 599 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
තවත් ආසාධිතයන් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 596 ක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
අද (28) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 8 දෙනෙකු වාර්තා වී ඇති බවද ඒ මහතා කීය.
මෙම රෝගීන්ගෙන් 5 දෙනෙක් නාවික හමුදා සාමාජිකයන් වන අතර 3 දෙනෙක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 455 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 134 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 592 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධක කාර්යාංශය කියයි.
අද (28) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධක කාර්යාංශය සඳහන් කළේය.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 451 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 134 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


