කොරෝනා ආසාදිත මව බිහි කළ බිලිඳා යහපත් සෞඛ්‍ය තත්වයෙන්


තුසිත කුමාර ද සිල්වා

බේරුවල පන්නිල කොරෝනා ආසාදිත ගැබිණි කාන්තාවට උපන් බිලිදා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පසුවන බවත් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (05) පැවසීය.

ආසාදිත ගැබිනිය රෝහල්ගත කළ ත්‍රීවීල් රියදුරා, ගැබිනියගේ මව ස්වාමියා ඇතුළු 160 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයකට ලක්කර ඇතැයි ද ඔහු පැවසිය.