කොංගෝ රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන යොම්බි ඔපැන්ගෝ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විමෙන් මියගොස් තිබේ.
ප්‍රංශයේ පැරිස් නුවරදි ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
81 හැවිරිදි කොංගෝ හිටපු ජනාධිපතිවරයා කොරෝනා වයිරසය ආසාදනය වීමට පෙර විවිධ රෝගාබාධවලින් පීඩා විදමින් සිට ඇති බව සදහන්ය.
1977 වසරේ සිට 1979 වසර දක්වා ඔහු කොංගෝ රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
(ගාඩියන් ඇසුරෙනි )
(125)

