කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලයෙන් තවත් ආසාදිතයෝ 6ක්



(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වී ඇත.

තැපැල් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ රියැදුරෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 6දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.

මෙම කාර්යාලයෙන් ප්‍රථමයෙන් වාර්තාවූ ආසාදිත ප්‍රධාන ලිපිකරුගේ ආශ්‍රිතයන් ලෙස මෙම ආසාදිතයින් සැලකේ.

මෙම අවදානම් තත්ත්වය මත කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලය මේවනවිට සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.