
(කේ බුද්ධික කුමාරසිරි )
හෝමාගම කහතුඩුව ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමෙන් පසු එලෙස කොවිඞ් 19 ආසාධිත බවට හදුනා ගත් එක් දරුවෙකු සහභාගී වූ උපකාරක පන්තියක ඉගෙනුම ලැබූ දරු දැරියන් ඔවුන්ගේ මාපියන් ද අදාල ගුරුවරියද ඇතුළු 65 දෙනෙකු අද (21) දින කොට්ටාව ප්‍රදේශයේදී පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පවසයි
කන්දකාඩු පුනුරුත්තාපන කඳවුරේ දී කොවිඞ් 19 ආසාධිත වූ පුද්ගලයෙකුගේ ආශ්‍රිතයින් ලෙස නිරෝධායනයට ලක් කර සිටියදී මෙම තිදෙනාට ද කොවිඞ් 19 ආසාධිත බව පසුගියදා හදුනා ගත් බවද ඒ මහතා පැවසීය
එලෙස ආසාධිත බවට හදුනා ගත් තිදෙනා අතර පාසල් දරුවන් දෙදෙනෙකු ද සිටි බවත් ඒ අතරින් පළමු වසරෙහි ඉගෙනුම ලැබූ දරුවාට පිළියන්දල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් විසින් පෞද්ගලික උපකාරක පන්තියක් පවත්වා ඇති බවත් එම නිසාවෙන් පිලිය්නදල සෞඛ්‍ය වෛද්‍ය නිළදාරී කාර්යාලයේද සහය ඇතිව අදාල පිරිස සොයා ඔවුන් නිවාස තුළම නිරෝධායනයට ලක් කර මෙලෙස පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කල බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය



