(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක කොරෝනා ආසදිතයකු වාර්තා වීම නිසා එම රාජ්‍ය බැංකුව තාවකාලිකව වසා දැමිමට සෞඛ්‍ය අංශවල උපදෙස් මත කටයුතු කල බව එම බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය ප්‍රකාශ කළේය .
ගණුදෙනු කරුවන්ට සිදු වන අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බවත් ලගම ශාඛා මගින් ඔහුන්ට ගණුදෙනු කිරීමට අවස්ථාව ඇති බවද බැංකු කළමණාකාරීත්වය ප්‍රකාශ කලේය.
බැංකුව විශබීජහරණය කිරිමෙන් අනතුරුව ඉතා ඉක්මනින් යළි ගණුදෙනු සදහා බැංකුව විවෘත කිරීමට පියවර ගන්නා බවද එම කළමණාකාරීත්වය ප්‍රකාශ කලේය .

