එංගලන්තයේ-ලන්ඩනයේ සිටින සිසුන් රැගෙන ඒමට යානයක් පිටත් වෙයි


(ටී.කේ.ජී.කපිල )

එංගලන්තයේ , ලන්ඩන් නුවර , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 250 ක් පමණ , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (03) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරණ එම විශේෂ ගුවන් යානය අද(03)  දින අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළෙන් ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබේ .
 

මෙම ගුවන් යානය ලන්ඩන් වෙත කිසිදු ගුවන් මගියෙකු රැගෙන නොගිය අතර , ගුවන් යානා කාර්යය මණ්ඩලය පමණක් එහි ගමන් ගනිමින් සිටිති .

මෙම ගුවන් ගමන සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ.330 - 343 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි .
මෙම ගුවන් යානය අද(03 ) දින දහවල් 11.25 ට පමණ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිත අතර ,  හෙට(04) දින අලුයම 12.45 ට මෙම ගුවන් යානය යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .