ඉරානය දේවස්ථාන විවෘත කරයි


කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ඉකුත් මාර්තු මාසයේදී වසා දැමුණු දේවස්ථාන සඳුඳා හෙට (4) සිට විවෘත කිරීමට ඉරානය තීරණය කර ඇත.

කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ස්ථාපිත කළ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අමතමින් ඉරාන ජනාධිපති හසින් රොව්හානී ඒ බව පැවැසීය.

ඉරානයේ ජනපද 132ක තිබෙන දේවස්ථාන ඒ අනුව සඳුඳා, එනම් හෙට සිට විවෘත කිරීමට නියමිතය.
‘‘එකට එකතු වී යාඥා කරනවාට වඩා සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම වැදගත්’’ යැයි ඉරාන ජනාධිපතිවරයා එම රැස්වීමේදී පැවැසීය. මෙම රැස්වීම රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරුණි.

ඉස්ලාම් දහම ආරක්ෂාව වගකීමක් ලෙස සලකන බව එහිදි පෙන්වාදුන් ඉරාන ජනාධිපතිවරයා දේවස්ථාන විවෘත කළ ද යාඥා කිරීමට පමණ ඒ තුළ කිරීමට පමණක් අවසර දෙන බව ද කීවේය.

කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් වී ඇති මැදපෙරදිග රට බවට පත්ව ඇත්තේ ඉරානයයි. අද (3) පස්වරු 2 වනවිට ඉරානයෙන් කොරෝනා මරණ 6,156ක් වාර්තා වී තිබිණි. එරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ සමස්ත ගණන 96,448ක් ලෙස දැක්විණි.

වාර්තා වන ආසාදිතයන්ගේ සහ මරණ ගණන අනුව සුදු, කහ සහ රතු වශයෙන් අදාළ කලාප නම් කරන බව ඉරාන ජනාධිපති හසින් රොව්හානී පසුගිය සතියේදී ප්‍රකාශ කළේය.

අල්ජසීරා

ඡායාරූප : ඒ.එෆ්.පී. (055)