
(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් තුන්දුව බටහිර හා තුන්දුව නැගෙනහිර යන ග්‍රාම නිලධාරිවසම් ඊයේ රාත්‍රියේ (19) සිට හුදකලා ප්‍රදේශය ලෙස නම්කරනු ලබන බැව් කොවිඩ් 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙකි ග්‍රාම නිලධාරි වසම් දෙකින් ඊයේ (19) දිනය තුල කොවිඩ් ආසාදිත රෝගින් 41 දෙනෙකු වාර්තාවීමත් සමග හුදකලා කිරීමට තින්දුකොට ඇත.
මේ පිළිබද දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා සදහන් කළේ දකුණු පළාතේ සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ මත කොවිඩ් 19 පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන මගින් මෙම තීන්දුව ගෙන ඇති බවය.

