ඇඳිරිය ඉවත් කළත් ගම්පහ බස් නැහැ


 

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

මාසයකට වැඩි කාලයක් නිරෝධායන ඇඳිරිනීතිය නිසා වසා දමා තිබු ගම්පහ නගරය යලි විවෘත කෙරුණ ද අද (10) දහවල් කාලයේ සිට ගම්පහින් ගමන් ආරම්භ කෙරෙන කිසිදු පුද්ගලික බස් රථයක් ධාවනය නොවන අයුරු දැක ගත හැකිවිය.

ගම්පහ සිට කොළඹ, කඩුවෙල, නිට්ටඹුව, ජාඇළ, කිරිඳිවැල, කඳාාන, මීගමුව, කටුනායක, මිනුවන්ගොඩ සහ පූගොඩ ඇතුළු බස් රථ බොහොමයක් ධාවනය නොවීම නිසා මගීහු දැඩි අපහසුතාවට පත්වූහ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ කීපයක් පමණක් ධාවනය වු අතර ගම්පහ දුම්රිය ස්ථානයෙන් ද කොළඹ බලා පෙරවරු 11.00 න් පමණ පසුව කිසිදු දුම්රියක් ධාවනය නොකෙරිණි. දහවල් 12.00 වනවිටත්  දුම්රිය ස්ථානයේ දුම්රිය කාල සටහනේ කොළඹට මීළඟ දුම්රිය ලෙස දක්වා තිබුනේ සවස 5.10 ලෙසිනි.