ඇදිරිය ගැන තින්දු ගන්නේ වෛද්‍ය අදහසුත් ඇතිව බව ජනපති කියයි


(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා වයිරසයත් සමග ඇතිවී තිබෙන අර්බුදය හමුවේ රට තුළ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් තීන්දු ගන්නේ වෛද්‍යවරුන්ගේද අදහස් සැලකිල්ලට ගනිමින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් තමා නැතිව තීන්දු නොගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද දහවල් පැවති අතර, කොරෝනා වසංගතය පැතිර යාමේ වත්මන් තත්ත්වය ඇදිරි නීතිය, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම ආදිය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.