අම්පාරේ ජනාකීර්ණ තැන්වල අය පී.සී.ආර්. පරීක්ෂණයට


(වසන්ත චන්ද්‍රපාල සහ කුමාර සී.ලියනආරච්චි)

අම්පාර නගරයේ සෙනග ගැවසෙන ස්ථානවල කටයුතු කරනු ලබන පිරිස්  කොවිඩ් 19 පරික්ෂාව සඳහා යොමු කිරිමට අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග ඒකකය මගින් සිදු කරනු ලැබීය.

බස් නැවතුම් පොළේ ක්‍රියාකාරින්  පොලිස් රථවාහන අංශයේ නිලධාරින් බන්ධනාගාර නිලධාරින් පෞද්ගලික රෝහල් කාර්ය මණ්ඩලය ත්‍රීවිල රථ රියදුරන් සහ වෙළද ව්‍යාපාරවල සේවයේ නියුතු වුවන් 50 ක් පමණ පිරිසක් මෙම අවස්ථාවට එක් කර ගනු ලැබීය.

කොවිඩ් 19 වයිරසය නොදැනුවත්වම හෝ සමාජ ගතව ඇද්ද යන්න පිළිබඳව සොයා බැලීම මෙම පරික්ෂණයේ අරමුණ බව අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග ඒකකයේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා පැවසීය.

බස් රථවල ගමන් කිරිම් විවිධ ස්ථානවල රැදී සිටිමින් විශාල පිරිසක් ඇසුරු කරන පුද්ගලයන් මෙහිදි පරික්ෂා කිරිමට ලක් කළ බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ තෝරා ගනු ලබන ගම්මාන සහ නගර ආශ්‍රීතව මෙම පරික්ෂණ සිදු කිරිමට කටයුතු කරන බව ඒ මහතා පැවසීය.