(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් තවත් 291 දෙනකු අද (19) හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 97,087ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ අතර ඊයේ (18) දිනයේ ද කොවිඩ් ආසාදිතයන් 357 දෙනකු වාර්තා වූ අතර ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස 350 ඉක්මවා ගියේ ඉකුත් මාර්තු 21 වැනිදාට පසුවය.
කොවිඩ් ආසාදිත දෙදෙනෙකුගේ මරණ ද අද (19) වාර්තා වූ අතර මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 620 කි.

