අද කොරෝනා මරණ 6 යි : ආසාදිතයන් 756 යි


කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 6 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (16 වැනිදා) තහවුරු කරයි.

ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 409 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වාර්තා වන මරණ සියල්ල පිරිමි මරණ වන අතර ඔවුහු පානදුර, විලඔය, පිළියන්දල, කොච්චිකඩේ, අම්බලන්ගොඩ සහ නයිනමඩම යන ප්‍ර‍දේශවල පදිංචිකරුවෝ වෙති.

මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 403 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.55 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 756 කි.