අද කොරෝනා මරණ 13 යි : ආසාදිතයන් 713 යි


කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 13 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (17 වැනිදා) තහවුරු කරයි.

ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 422 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මිය ගිය පිරිස අතර කාන්තාවක් සහ පිරිමි 12 දෙනෙක් වෙති.

මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 344 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 22.15 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 713 කි.