අත්තනගල්ල ප්‍රා. ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශය තාවකාලිකව වහයි


(ආනන්ද ඉ ජයකොඩි)

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයේ කළමණාකරන සේවා නිළධාරිනියකට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් පරිදි එම අංශය ලබන 15 වනදා දක්වා තාවකාලිකව වසා දැමූ බව අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර ජයවර්ධන මහතා පවසයි.

එම අංශයේ සේවා කටයුතු ගම්පහ දොම්පෙ හා මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සිදු කරන බවද ඒ මහතා කියයි.

නිට්ටඹුව පින්නගොල්ල ප්‍රදේශයේ පදිංචි එම නිළධාරිනියට හා ඇගේ මවට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා වලින් අනාවරණය වීමෙන් අනතුරුව නිට්ටඹුව නැගෙනහිර කලාපය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ සී රාජපක්ෂ මහතා පැමිණ එම අංශය තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබා දී එහි සේවය කරන රෙජිස්ට්‍රාර්වරයා ඇතුළු අට දෙනකු නිවාසවලම ස්වයං නීරෝධායනයට යොමු කළ බවද සහකාර ප්‍රාදේශීය ලේකම් වරයා සඳහන් කරයි..