බිරිද ඝාතනය කළැයි ලාංකිකයෙයක්ට සයිප‍්‍රස් හිදි සිර දඩුවම්


( තිළිණි ද සිල්වා )
 

සයිප‍්‍රස්හි මහල්නිවාස සංකීර්ණයකදී බිරිඳට පිහියකින් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවූ තවත් ශ්‍රී ලාංකිකයෙකුට එරට අධිකරණයෙන් වසර 6 1/2 සිර දඬුවම් නියම කර ඇතැයි තානාපති ආංරංචි මාර්ග සඳහන් කර සිටී.
 
මෙලෙස සිර දඬුවම් නියම වූයේ ඉතාලියේ පදිංචිව සිටි 47 හැවිරිදි ලාංකිකයෙකි.
 ‍

අදාළ ඝාතනය සිදු කිරීම සම්බන්ධයෙන් සයිප‍්‍රස් පොලිසිය එම ලාංකිකයාට එරෙහිව අපරාධ අධිකරණය හමුවේ පැවරූ නඩුව විභාග  කර  අවසන් කරමින් මෙම සිර දඬවුම නියම කර ඇත.

  දික්කසාදය ලබා ගැනීමට මෙම චූදිත ලාංකිකයා ඉකුත් ජූලි 29 වැනිදා ඉතාලියේ සිට සයිප‍්‍රසයේ ලිමසෝල් හි සලාකි ප‍්‍රදේශයේ වෙසෙන පනස් හැවිරිදි සිය ලාංකික බිරිද හමුවට පැමිණ ඇත. එහිදී දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමකින් පසුව මොහු සිය බිරිඳගේ මුහුණට සහ උදර ප‍්‍රදේශයට පිහියෙන් ඇණ මරා දමා හොර රහසේම පලා ගොස් ඇත.
 
 සයිප‍්‍රසයේ අගනුවර වූ ලිමසෝල් හි ජනාකීර්ණ ප‍්‍රදේශයක පිහිටි මහල් නිවාස සංකිරීණයක් තුළදී මෙම කත අභිරහස් ලෙස ඝාතනයට ලක්ව සිටියදී  ඇයගේ සිරුර ඇයගේ ඥාතීන් විසින් සොයා ගෙන ඇති අතර පසුව ඒ ගැන පොලීසියට පැමිණිලි කර ඇත.
සයිප‍්‍රස් පොලිස් බලධාරීන් ඒ වනවිටත් ඉතාලිය බල පලා යමින් සිටි චූදිත ලාංකිකයා එරට ලර්නකා ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබිණි.
 
පසුව ඔහු එරට රක්ෂිත බන්ධනාගාර ගත කළ සයිප‍්‍රස් පොලිසිය මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනා යටතේ නඩු පැවරූ අතර එම නඩු විභාගය අවසන් කරමින් එරට අපරාධ අධිකරණය විසින් මෙම සිර දඬුවම නියම කරනු ලැබිණි.