(නිමන්ති රණසිංහ)
කොටහේන ප‍්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව ඇතැම් චූදිතයින් ආරක්ෂා වන ආකාරයෙන් මුල් පැමිණීල්ල කොළඹ අපරාධ කොට්ඨාසය වෙත සිදුකිරිම සම්බන්ධයෙන් හෙට (26) හෝ අනිද්දා (27)යන දෙදින තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීල්ඞ් වසන්ත කරන්නාගොඩ මහතාට අද (25 )නියෝග කළේය.
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා එවකට (2009 වර්ෂයේදී) මෙම සිද්ධියට අදාළ මුල් පැමිණීල්ල කොළඹ අපරාධ කොටඨාසය වෙත සිදුකිරීමේදී මෙම අක‍්‍රමිකතාව සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් එවකට නිතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයකු වූ ජනාධිපති නිතීඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා වෙතින් උපදෙස් ලබා ගෙන ඇති බවත් කළ දැනුම් දිමට අනුව මෙම ප‍්‍රකාශය ලබා ගත යුතුව ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙක් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් විණී.
මෙම සිද්ධියට අදාළ සැකකරුවකු වන හිටපු නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් ‘‘නේවි සම්පත්’’ බන්ධනාගාරය මගින් අද (25) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එම සැකකරු ලබන 09 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කරන ලෙසද මෙහිදී මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

