
හේලීස් මොබිලිටි ලිමිටඩ් ආයතනය, චීනයේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයකු වන Kaiyi Auto සමග නව හවුල්කාරීත්වයකට එළඹී ඇත. මෙම සහයෝගීතාව හරහා හේලීස් මොබිලිටි ආයතනයේ නව බලශක්ති වාහන (NEV) එකතුව තවදුරටත් පුළුල් කිරීමක් සිදුවන අතර එමගින් ලාංකීය පාරිභෝගිකයන්ට නවීන තාක්ෂණයෙන් යුත් පරිසර හිතකාමී විද්‍යුත් රථ වාහන මාදිලි පෙළක්ම හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.
මෙම හවුල්කාරීත්වය යටතේ හඳුන්වා දෙන Kaiyi eVibe යනු නවීන පෙනුමකින් යුත් කුඩා ප්‍රමාණයේ විද්‍යුත් මෝටර් රථයකි. මෙය ලෝක වෙළෙඳපොළේ Kaiyi E-Qute 04 04 ලෙස හැඳින්වුණද, ලංකාව සඳහාම විශේෂිත අනන්‍යතාවක් ලබා දීමට එය Kaiyi eVibe ලෙස නම් කර ඇත.
රුපියල් මිලියන 7.9ක හඳුන්වාදීමේ මිලකට වෙළෙඳපොළට පිවිසෙන eVibe විද්‍යුත් මෝටර් රථය, දැන් සුවිශේෂී දීමනාවක් සමගින්ම ලබාගත හැකිය. මෙහි මුල්ම පාරිභෝගිකයන් 100 දෙනාට කිලෝවොට් 3ක සූර්ය බලශක්ති පද්ධතියක් නොමිලේ හිමි වන අතර, එමගින් රථය ආරෝපණය කිරීමේ පිරිවැය මුළුමනින්ම ඉතිරි කරගනිමින් වඩාත් ලාබදායී ගමනාගමනයකට අවස්ථාව සැලසේ.
එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු කිලෝමීටර් 300ක දුරක් (CLTC) ධාවනය කළ හැකි මෙම රථය, එහි ඇති මිනිත්තු 30ක වේගවත් ආරෝපණ පහසුකම නිසා දෛනික කාර්යබහුල ගමන් බිමන් සඳහා ඉතා ප්‍රායෝගික විසඳුමකි. අංශක 360 කැමරා පද්ධතියක් සහ Apple CarPlay/Android Auto සහිත උසස් ශබ්ද පද්ධතියකින් සමන්විත eVibe, කාබන් පියසටහන අඩු කරමින් නවීන පන්නයේ සුවපහසු ගමනක් අපේක්ෂා කරන පවුල් සහ ආයතන සඳහා කදිම තේරීමකි.

