සියැට් කැලණි සමාගමට CPM සම්මාන



ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් හොඳම කළමනාකරණ පරිචයන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 20 අතරට ශ්‍රී ලංකාවේ සාර්ථකම ටයර් නිෂ්පාදන සමාගම වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් නැවතත් නම් කර ඇත.

CPM හි 2025 සම්මාන උළෙලේදී පිරිනැමූ Top 20 සම්මානයට අමතරව ‘ටයර්, රබර්, ලෝහ සහ දැව ගෘහ භාණ්ඩ’ අංශයේ ඉහළම සම්මානය ද සියැට් කැලණි සමාගමට හිමි විය. සියැට් කැලණි ශ්‍රී ලංකාවේ හොඳම කළමනාකරණය කරන ලද සමාගම් අතරින් එකක් ලෙස අඛණ්ඩව ඇගයීමට ලක් වූ දෙවන වසර මෙය වෙයි. 

CPM සම්මාන සඳහා තෝරා ගැනීමේදී නායකත්වය, ප්‍රතිපත්ති සහ උපාය මාර්ග, පුද්ගල කළමනාකරණය, හවුල්කාරිත්වය සහ සම්පත්, ක්‍රියාවලී සහ කාර්ය සාධනය යන කළමනාකරණ අංශවල හොඳම පිළිවෙත් සලකිල්ලට ගෙන තිබේ. 

CPM සම්මානවලට තක්සේරු කරන ලද වසරේ සියැට් කැලණි සමාගම පුළුල් උපායමාර්ගික අලෙවිකරණ ව්‍යාපාරයක් දියත් කළේය. එහි අරමුණ වූයේ සන්නාමය අග්‍රගන්‍යකරණය, සන්නාමයට ඇති පිළිගැනීම සහ විකුණුම් වර්ධනය කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ මාර්ගවල වඩාත් උචිත සහ සුවපහසු රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙන ජර්මානු තාක්ෂණයෙන් නිපැයූ ටයර් ලෙස සියැට් රේඩියල් ටයර් ස්ථානගත කිරීමයි.