ශාන්ත පීතර විදුහලට පිට පිටම තෙවැනි වරටත් ‘කොත්මලේ’ අනුග්‍රහය


  ‘කාගීල්ස්’ සිලෝන් සමූහයේ අලෙවි කළමනාකරු රුමයිෂ් රහිම් මහතා විසින් ශාන්ත පීතර විදුහලේ විදුහල්පති රෝහිත රොද්‍රිගු පියතුමන් වෙත අනුග්‍රහක චෙක්පත ප්‍රදානය කරන ලද අවස්ථාව.


යොහාන් භාසුර


 රග්බි නායකයන් ‘කාගීල්ස්’ කමිසය එළිදැක්වූ අවස්ථාව.

ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ ප්‍රබලතම රග්බි කණ්ඩායමක් වන බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමට මෙම (2026) තරග වාරයට ‘කාගීල්ස්’ සිලෝන් සමූහයේ ‘කොත්මලේ’ පිට පිටම තුන්වැනි වරටත් ප්‍රධානතම අනුග්‍රහය දක්වයි.

එම අනුග්‍රහය ඇතුළු අනුග්‍රහයන් නිලවශයෙන් පිරිනැමීම සහ මෙම තරග වාරයේ නිල කමිසය එළිදැක්වීම විදුහල්පති පියතුමන් රෝහිත රොද්‍රිගු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් එම විදුහල් ‘නිකලස් පෙරේරා’ පියනම අනුස්මරණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි.

‘කොත්මලේ’ වෙළෙඳ නාමය 2024 වසරේ සිට පිට පිටම තෙවැනි වරටත්ිප්ලැටිනම්’ අනුග්‍රහයකයා ලෙස කටයුතු කරයි. මෙවර තරග වාරයේදී ප්‍රධාන අනුග්‍රහක ලෙස ටීඩීඑම් ඉන්ටර්නැෂනල් සමාගම සහ ‘ගෝල්ඩ්’ අනුග්‍රහකයා ලෙස ඒ. ජේ. මෙඩිකෙම් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් සමාගම කටයුතු කරයි.

ටීවීඑස් ලංකා ලිමිටඞ්, රිදී අනුග්‍රාහකයා ලෙස ද, ගෝර්ඩන් ශ්‍රී ලංකා සමාගම ඇඳුම් පැළඳුම් සහකරු ලෙස ද, කැලරි කවුන්ටර් ලිමිටඞ්, හේමාස් රෝහල් සහ පීටරයිට් මාධ්‍ය ඒකකය ද සෙසු අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි.

මෙවර අන්තර් පාසල් පළමු කොටසේ රග්බි තරගාවලියට සහභාගි වන බම්බල්පිටිය ශාන්ත පීතර විදුහල් රග්බි පිලේ නායකයා ලෙස අංක 8 ක්‍රීඩක ෂෙනුක පෙරේරා කටයුතු කරන අතර උප නායකයන් ලෙස රෙවෝන් පෙරේරා සහ සෙනුත් දින්සර කටයුතු කරති.

මෙවර තරග වාරයේ එම විදුහල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රජීව් පෙරේරා මහතා කටයුතු කරයි.