වරාය නගරයේ ඩියුටිෆ්‍රී සාප්පු සවාරියට වැඩි කාලයක්


නිමල කොඩිතුවක්කු


2024 අංක 1 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ - තීරුබදු රහිත මෙහෙයුම්) නියෝග සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අනුමත වාර්ෂික තීරු බදු හිමිකම ඇමෙරිකානු ඩොලර් 2,000 ක සීමාව සංශෝධනය කිරීමකින් තොරව කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා විදේශයක සිට මෙරටට පැමිණෙන මගියකුට මෙරටට පැමිණි දින සිට දින 4 ක් තුළ අවස්ථා දෙකකදී ඉඩ සලසා දීමට හැකිවන පරිදි අදාළ නියෝග සංශෝධනය කිරීම පිණිස 2025-12-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, අංක 2475/28 හා 2026-02-13 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති සංශෝධිතනියෝග, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධි විධාන පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.