රෝහිත පීරිස් කහවත්ත ප්ලාන්ටේෂන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට



භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වැවිලි සමාගමක් වන කහවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමෙහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස රෝහිත් ප්‍රභෝද පීරිස් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 

ඒ අනුව මාර්තු 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සමාගමෙහි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ. ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සාමාජිකයකු වන ඒ මහතා සතුව තේ සහ වන වගා කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව තුළ අත්දැකීම් සහිත බවත් සමාගම පවසයි.