නිමල කොඩිතුවක්කු
ජාතික ඩිජිටල් සන්නිවේදන සහ සහයෝගිතා වේදිකාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස 2025-10-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, සියලුම රජයේ සේවකයින් සඳහා සන්නිවේදනය සහ සහයෝගිතාව සඳහා ආරක්ෂිත සහ නවීන ඩිජිටල් වේදිකාවක් ස්ථාපිත කිරීමේ අරමුණින් රුපියල් මිලියන 626 ක ඇස්තමේන්තුගත මුළු ආයෝජනයක් යටතේ 2026 වර්ෂය තුළ ‘ඩිජිටල් සන්නිවේදන සහ සහයෝගිතා වේදිකාව‘ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.

