පෙට්‍රල් සැපයීමේ කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ Vitol Asia සමාගමට


නිමල කොඩිතුවක්කු

පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025-04-15 සිට 2025-10-14 දක්වා මාස හයක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 5 ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ.

ඒ සඳහා සැපයුම්කරුවන් 7 දෙනකු ලංසු ඉදිරිපත් කර ඇත. 

ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරු වන සිංගප්පූරුවේ  M/s Vitol Asia Pte.Ltd  වෙත එකී ප්‍රසම්පාදනය පිරිනැමීමට බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.