ප්‍රියන්ත තල්වත්ත ලංකා සෙරමික් කළමනාකාර අධ්‍යක්ෂධුරයට


භානුක අමරසිංහ 


ලංකා සෙරමික් පීඑල්සී සමාගමේ නව කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රියන්ත තල්වත්ත මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. අප්‍රේල් 01 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ. 

වසර 32කට අධික කාලයක් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ අත්දැකීම් සහිත තල්වත්ත මහතා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරීවරයා විය. අද වනවිට ඒ මහතා මහතා LB Finance PLC හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කරයි.