
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) සිය ‘Beyond Ordinary - Nations Business Advisory’ උපදේශන වැඩසටහන පසුගියදා කුරුණෑගලදී පවත්වන ලදී. රට වඩාත් ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටින මොහොතක, කාලීන සහ විද්වත් විශ්ලේෂණය මත පදනම් වූ මගපෙන්වීම් හරහා ප්‍රාදේශීය ව්‍යාපාරික ප්‍රජාව සවිබල ගැන්වීම මෙහි අරමුණ විය. වත්මන් දේශීය හා ගෝලීය වෙළෙඳපොළ තත්වය පිළිබඳව ආයතනික නායකයන්, ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන් දැනුවත් කරමින්, නව වෙළෙඳපොළ අවස්ථා වෙත විශ්වාසයෙන් යුතුව ප්‍රවේශ වීමට අවශ්‍ය දැනුම මෙමගින් ලබා දෙන ලදී.
මෙහි ප්‍රධාන දේශනය පවත්වමින් Advocata Institute හි ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා, වෙනස් වන ගෝලීය වටපිටාව තුළ ලංකාවේ සාර්ව ආර්ථික ගමන් මග පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය. මෑතකාලීන මූල්‍ය ප්‍රතිසංස්කරණ හරහා ලබාගත් ප්‍රගතිය ඔහු මෙහිදී පෙන්වා දුන් අතර රටේ ආර්ථික වර්ධනය කේන්ද්‍ර කරගත් මාවතකට අවතීර්ණ වීමෙන් ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට, තරගකාරීත්වය ඉහළ නැංවීමට සහ නව වෙළෙඳපොළවල් කරා ගමන් කිරීමට ව්‍යාපාරිකයන්ට නව අවස්ථා උදාවන බව ඔහු අවධාරණය කළේය.
ප්‍රධාන දේශනයට අමතරව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ වාණිජ බැංකුකරණ අංශයේ විධායක උප සභාපති අරෝෂ ලියනආරච්චි මහතා, RTA ශ්‍රී ලංකා හි කළමනාකාර හවුල්කරු/ සහකරු සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ කවුන්සිල සාමාජික සමන් ශ්‍රී ලාල් මහතා සහ Advocata Institute හි ධනනාත් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සංවාදයක් පැවැත්විණි. එහිදී ඉදිරියේදී සිදුවීමට නියමිත බදු ප්‍රතිසංස්කරණවල බලපෑම මෙන්ම, රාජ්‍ය ආදායම් උත්පාදනය සහ ආර්ථික වර්ධනය අතර සමබරතාව පවත්වා ගැනීම පිළිබඳව අවධානය යොමු විය. එලෙසම, වඩාත් සංකීර්ණ වන ව්‍යාපාරික වටපිටාවක පිරිවැය අවම කර ගැනීමට මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ තරගකාරීව ඉදිරියට යාමට ව්‍යාපාරවලට වැදගත් වන ප්‍රායෝගික උපාය මාර්ග ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අරෝෂ ලියනආරච්චි මහතා මෙසේ පැවසීය. ” ලංකාව ආර්ථික වර්ධනය කරා ගමන් කරන විට, එම වෙනස්වීම් හඳුනාගෙන විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාමට ව්‍යාපාරිකයන්ට නිවැරදි ව්‍යාපාරික අවබෝධයක් අවශ්‍යයි. ‘Beyond Ordinary’ වැඩසටහන හරහා අප උත්සාහ කරන්නේ මතුවන නව අවස්ථා හඳුනා ගැනීමට අවශ්‍ය පැහැදිලි දැක්ම ලබා දීම වන අතර, එමගින් රටේ ආර්ථික වර්ධනයට සුවිශේෂී දායකත්වයක් සපයන කුරුණෑගල වැනි ප්‍රාදේශීය ව්‍යාපාරික කේන්ද්‍රස්ථාන වෙත අපගේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට ද අපි කැපවී සිටිනවා.”
‘Beyond Ordinary’ වැඩසටහන මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඉහළ පෙළේ උපදේශන සේවා දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණ මනාව පිළිබිඹු වේ.
ඒ හරහා කුරුණෑගල වැනි ප්‍රාදේශීය ව්‍යාපාරික කේන්ද්‍රස්ථාන වෙත වත්මන් ආර්ථික වර්ධනයට ගැළපෙන, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපාරික විශ්ලේෂණ ලබා දීම සහතික කෙරේ.
සාම්ප්‍රදායික බැංකු සේවාවන්ගෙන් ඔබ්බට ගොස්, අර්ථවත් මෙන්ම පෙරදැක්මක් සහිත උපදේශන සේවා සපයමින්, නිවැරදි තීරණ ගැනීමට සහ තිරසාර ව්‍යාපාරික වර්ධනයක් ළඟා කර ගැනීමට මඟපෙන්වන ලාංකේය වයාපාරික ප්‍රජාවගේ විශ්වසනීය සහකරුවකු ලෙස ස්ථාපිත වීම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අරමුණයි.

