ත්‍රිකුණාමලය අමරජීව
නැගෙනහිර පළාතේ කලපු හා වැව් ආශ්‍රිත මිරිදිය ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් මිරිදිය ධීවර ව්‍යවසායකයන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීමට දිරි ගැන්වීමක් ලෙස පළාත් ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ලියාපදිංචි මිරිදිය ධීවර සමිති 36 ක් වෙත ධීවර ආම්පන්න බෙදාදීම නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර පළාත් ධීවර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී එම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන හයයි දශම හතක් වියදම් කර මෙම ධීවර සමිති 36ට ඔරු 30ක්, දැල් කට්ටල 195ක්, වාත්තු දැල් කට්ටල 07ක්, මාළු පෙට්ටි 17ක්, දුම් ගැසීමේ උපකරණ හයක්, වියළන රාක්ක අටක්, විකුණුම් කවුළු දෙකක්, කකුළු දැල් කූඩු හයක් මෙහිදී බෙදා දුන්නේය.
නැගෙනහිර පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කරමින් පළාතේ ප්‍රෝටීන් අවශ්‍යතාව පළාත තුළින්ම නිෂ්පාදනය කර ගැනීම මෙන්ම ඉල්ලුම වැඩිවීමෙන් වැඩි සැපයුමක් ලබාදීමෙන් මිරිදිය ධීවර ව්‍යවසායකයන්ගේ ආදායම් උත්පාදනය ඉහළ නැංවීම මෙම උපකරණ බෙදාදීමෙන් බලාපොරොත්තු වන බව පළාත් ධීවර දෙපාර්තමේන්තුව කියයි. මෙහිදී මිරිදිය ධීවර ප්‍රජාවගේ ගැටලු ඉදිරිපත් කිරීමද සිදුවිය. මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා ද එක්විය.

