කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිතව පවත්වාගෙන යනු ලබන ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම් සේවා ස්ථානයක් අම්බලන්ගොඩදී විවෘත කෙරිණ.
මෙය ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත් එකළොස් වන සේවා ස්ථානය වන මේ සේවා ස්ථානය අම්බලන්ගොඩ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ප්‍රදර්ශනාගාරයට යාබදව විවෘත කෙරිණ.
මෙසේ විවෘත කෙරුණු නව ඩේවිඩ් පීරිස් මෝටර් රථ සේවා ස්ථානයෙන් ඩේවිඩ් පීරිස් සමාගම වෙළෙඳපොළට හඳුන්වා දෙන ලද ත්‍රිරෝද රථ සහ යතුරුපැදි නඩත්තු කටයුතු මෙම සේවා ස්ථානයෙන් කරනු ලබයි.
මේ සේවා ස්ථානය විවෘත කිරීමට සමගාමීව ප්‍රදේශයේ කාර්මික විද්‍යාලවල මෝටර් රථ අලුත්වැඩියාව පිළිබඳව හදාරන සිසුන්ට යතුරු පැදි එන්ජින් ලබාදීම සිදු කෙරිණ.
ඩේවිඩ් පීරිස් සමාගමේ මේ නව සේවා ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ නාලක මඩුගල්ල විධායක අධ්‍යක්ෂ ජයන්ත රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

