ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
2025/26 මහා කන්නයේ අස්වනු නෙළන මේ දිනවල නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගෙන සිය අලෙවි නියෝජිතවරු හරහා ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම එම ප්‍රදේශවල බෙහෙවින් ජනප්‍රිය බජාජ් CT 100 යතුරු පැදි ඉලක්ක කර සිය අලෙවි ප්‍රවර්ධන කටයුතු පුළුල් කර තිබේ.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන විවෘත කළ අලෙවි නියෝජිත ජාලයේ මොල්ලිපොතාන අලෙවි නියෝජිත චන්දන මෝටර්ස් මගින් බජාජ් CT 100 යතුරු පැදි සඳහා පමණක් වෙළෙඳපොළ මූල්‍ය වටිනාකමින් රුපියල් අසූදාහක් අඩුකර රුපියල් 557950 මුදලකට මෙම යතුරුපැදි අලෙවි කිරීම මේ දිනවල සිදුකෙරේ. මහ කන්නයේ අස්වනු නෙළන මෙම සීමිත කාල සීමාවකට පමණක් අලෙවි ප්‍රවර්ධන කටයුතු කරන බව චන්දන මෝටර්ස් අධිපති ඒ.ජී. අමිත් චන්දන මහතා පැවසීය.
සිය පාරිභෝගිකයන් සඳහා ලබාදෙන මෙම වාසිය අත්පිට මුදලට හෝ කල්බදු ක්‍රමයට හෝ දෙකෙන් ඕනෑම එකකට හිමිවන බවද හෙතෙම පැවැසීය.

