
ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්ස් අලෙවි සාමාන්‍යාධිකාරී යසන්ත අබේකෝන් මහතා සහ
කොමර්ෂල් බැංකුවේ පුද්ගලික බැංකු අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී කපිල ලියනගේ මහතා ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව. DPA සහ කොමර්ෂල් බැංකුවේ නිලධාරීහු මෙහි සිටිති
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් වාහන අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්ස් (DPA), ශ්‍රී ලංකාවේ GWM සහ BAIC රථවාහන මාදිලි සඳහා විශේෂිත ලීසිං විසඳුම් හඳුන්වා දීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සමග උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ ඇත. ශ්‍රී ලංකාවේ වර්ධනය වන මෝටර් රථ වෙළෙඳපොළේ පාරිභෝගිකයන්ට ඉහළ වටිනාකමක්, පහසුවක් සහ ප්‍රවේශයක් ලබාදීම මෙම සහයෝගීතාවේ මූලික අරමුණයි.
මෙම හවුල්කාරිත්වය යටතේ ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්ස් විසින් අලෙවි කරනු ලබන GWM සහ BAIC රථවාහන සඳහා නම්‍යශීලී සහ සහනදායී ලීසිං පහසුකම් හිමිවේ. ඒ අනුව, තෝරාගත් රථවාහන මාදිලි මිලදී ගැනීමට කොමර්ෂල් බැංකුවේ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හරහා මූල්‍ය පහසුකම් සපයනු ඇත. ආකර්ෂණීය පොලී අනුපාත, ලේඛන ගාස්තු සඳහා සහන සහ පළමු වසරේ වාර්ෂික ගාස්තුව නිදහස් කළ නොමිලේ හිමිවන ක්‍රඩිට් කාඩ්පතක් ද පාරිභෝගිකයන්ට මෙහිදී හිමිවේ. මීට අමතරව, පාරිභෝගිකයාගේ ආදායම් රටාවට අනුව ගෙවීමේ කාලසටහන් සකස් කර ගැනීමට ඇති හැකියාව නිසා මූල්‍ය කළමනාකරණය වඩාත් පහසු වේ.
BAIC X55, BAIC BJ30 සහ BAIC BJ40 ඇතුළු BAIC මාදිලි මෙන්ම,Haval H6 HEV, H6 PHEV, H6 GT PHEV, TANK 300 HEV, TANK 500 HEV සහ ORA විද්‍යුත් වාහන ඇතුළු GWM මාදිලි ද ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්ස් විසින් මෙරටට හඳුන්වා දෙයි. මෙම මූල්‍ය සහනවලට අමතරව නොමිලේ වාහන ලියාපදිංචිය සහ සේවා වාර දෙකක් (Labour-free services) සඳහා වැඩ කුලී නොමිලේ ලබා දීමටද සමාගම පියවර ගෙන ඇත.
මෙම රථවාහන සඳහා නිෂ්පාදකයා විසින් සහතික කරන ලද පුළුල් වගකීම් කාලයක් ද හිමිවේ. GWM හයිබ්‍රිඩ් සහ ප්ලග්-ඉන් මයිබ්‍රිඩ් (PHEV) රථ සඳහා මාදිලිය අනුව වසර 6ක් හෝ කිලෝමීටර් 200,000ක් දක්වා එන්ජින් වගකීමක් සහ වසර 8ක් හෝ කිලෝමීටර් 160,000ක් දක්වා බැටරි වගකීමක් හිමිවේ. BAIC මාදිලි සඳහා වසර 3ක් හෝ කිලෝමීටර් 100,000ක එන්ජින් වගකීමක් හිමිවේ.

