ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ බිස්නස් වැඩියි


මහරගම Colombo Windscreen අලෙවිසැලේ හිමිකරු රංග පෙරේරා 

මේ දිනවල බිස්නස් කොහොමද යන්න දැන ගැනීමට අපි මහරගම බලා ගමන් කළෙමු. මහරගම යනු කොළඹ දිස්ත්‍රික්කයට අයත් නගරයකි. එය කිරුළපන සිට දිවෙන A4 හයිලෙවල් මාර්ගයේ කොළඹ සිට කිලෝ මීටර් 15ක දුරකින් නුගේගොඩ හා කොට්ටාව අතර පිහිටි නගරයකි. මහරගම යනු පිටකොටුව මෙන්ම කොයි කවුරුත් දන්නා වාණිජ නගරයකි. මහරගම කියූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ පමුණුව වෙළෙද

 සංකීර්ණයයි. එහෙත් මහරගම රෙදි පමණක් නොව අනෙක් ව්‍යාපාර සදහාද ප්‍රසිද්ධය. මෙම වාණිජ නගරයේ විවිධ වු මාදිලියේ වෙළෙඳ සැල් පසුකරමින් අපි ගොඩ වූයේ වාහන වීදුරු අලෙවිසැලක් වෙතය. ඒ රංග පෙරේරා මහතාගේ Colombo Windscreen අලෙවි සැලයි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

අපි විකුණන්නේ වාහන වීදුරු. දැන් අවුරුදු 10ක වගේ කාලයක් අපි බිස්නස් කරනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. අපි හිතුවේ වාහන ගෙන්නුවාට පස්සේ අපිට බිස්නස් වැඩි වෙයි කියල. හැබැයි වාහන ගෙන්නනවා කිව්වට තාම ගෙනාවේ නෑ. වරායෙත් වාහන වගයක් හිරවෙලා තියනවා. ප්‍රවෘත්ති වලින් විතරයි වාහන ආවේ. ඇත්තට වාහන ආවේ නෑ.

Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

බිස්නස් අඩු වෙන්න හේතුව තමයි බඩු මිල වැඩියි. මිල වැඩි වෙන්න හේතුව තමයි විශාල බදු මුදලක් ගෙවීමට සිදුවීම. ගිය අවුරුද්දත් එක්ක බලද්දි මේ අවුරුද්දේ බිස්නස් වැඩියි. වැඩි භාණ්ඩ ප්‍රමාණයක් අලෙවි වුණා. එහෙත් බඩු මිල වැඩි නිසා අපිට ලැබෙන ලාබය අඩුයි. බඩු මිල හොඳටම වැඩිවෙලා තියෙන්නේ. ඒ නිසා කොච්චර බිස්නස් වැඩි වුණත් අපිට ලාබයක් ගන්න බෑ. අනික පාරිභෝගිකයොත් රුපියලටම ගණන් බලනවා. ඉස්සරනම් පාරිභෝගිකයෙක් බඩු ගන්න ආවම මිලට වඩා භාණ්ඩයේ ගුණාත්මකබව ගැන තමයි බලන්නේ. හැබැයි දැන් රුපියල් 100ක වෙනස වුණත් මිනිස්සු බලනවා. වාහන වීදුරු විකුණන කඩ 10ක් තියනවා නම් ඒ කඩ 10 ටම යනවා. ගිහින් ගණන් අහලා අඩුම තැනින් තමයි බඩු ගන්නේ. මේ තියන ආර්ථිකය එක්ක මිනිස්සුන්ගේ පැත්තෙන් එයාලත් සාධාරණයි. 

ශෂිකා අබේරත්න 
ඡායාරූප- ජයමාල් චන්ද්‍රසිරි