මනීෂා වීරසිංහ
වෙනත් වෙළෙඳ නගරයකින් සොයා ගැනීමට නොහැකි භාණ්ඩයක් සොයා ගන්නටත්, භාණ්ඩයක් අඩු මිලකට ගන්නට නම් යා යුත්තේ කොළඹ කොටුවට යන්න පාරිභෝගිකයාට ඒත්තු ගැන්වී තිබෙනුයේ වෙළෙඳ නගරයේ ආරම්භයේ සිටම ය. පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන පරිදි භාණ්ඩ මිලදී ගැනීමට විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු පිටකොටුව වෙළෙඳ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයක් වශයෙන් ද සැලකිය හැකිය.
ළඟ ළඟම එන උත්සව සමයත් සමඟ කොළඹ කොටුවේ ව්‍යාපාරිකයන්ගේ සූදානම කෙබඳු ද යන්නත් මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුණේ දෙවැනි හරස්වීදියේ අර්බි වෙළෙඳසැලටයි. එම වෙළෙඳ ආයතනයේ කමල් විතානගේ මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.
මේ දවස්වල බිස්නස් අඩුයි. සෑම වසරකම පෙබරවාරි මාසය කියන්නේ බිස්නස් අඩු මාසයක්. ආපහු බිස්නස් එකක් තියෙන්නේ මාර්තු දෙවැනි සතිය විතර වගේ වෙද්දී. රාමසාන් උත්සව සමයත්, සිංහල අලුත් අවුරුදු සීසන් එකත් එක්ක තමයි ආපහු බිස්නස් එකක් තියෙන්නේ.
|
Q: මේ දිනවල බිස්නස් කොහොමද?
මේ දවස්වල බිස්නස් අඩුයි. සෑම වසරකම පෙබරවාරි මාසය කියන්නේ බිස්නස් අඩු මාසයක්. ආපහු බිස්නස් එකක් තියෙන්නේ මාර්තු දෙවැනි සතිය විතර වගේ වෙද්දී. රාමසාන් උත්සව සමයත්, සිංහල අලුත් අවුරුදු සීසන් එකත් එක්ක තමයි ආපහු බිස්නස් එකක් තියෙන්නේ. ඒ තත්වය නිසා මේ දවස් ටිකේ බිස්නස් අඩුවෙන් තමයි තියෙන්නේ. ඒක අපට විතරක් නෙමෙයි සෑම ව්‍යාපාරිකයකුටම වගේ බලපාන කාරණයක්.
Q:බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

ඉන්දියාවෙන් ආනයනය කරන පෝසිලේන් මේස උපකරණ කට්ටල තමයි අපි අලෙවි කරන්නේ. එළඹෙන උත්සව සමයේ බිස්නස් හොඳ මට්ටමක පවතී කියන විශ්වාසයෙන් භාණ්ඩ තොගයක් මේ වෙද්දී ආනයනය කරලා තියෙන්නේ. එම භාණ්ඩ තොග රේගුවෙන් නිදහස් වීමට නියමිතයි. පාරිභෝගිකයාගේ රුචිකත්වය සහ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි නව පන්නයේ පෝසිලේන් භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කරන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. තොග වෙළෙන්දන්වන අපි එළඹෙන උත්සව සමයට හොඳ සූදානමකින් තමයි ඉන්නේ.
ජනවාරි මාසයේ මැද ඉඳන් මාර්තු දෙවැනි සතිය විතර වෙනකන් බිස්නස්වල අඩුවක් පැවතුණේ තොග භාණ්ඩ මිලදී ගන්න වෙළෙන්දන් පැමිණෙන්නේ නැති නිසා. ඒ සෑම කෙනකුම උත්සාහ කරන්නේ සීසන් එකත් එක්ක නව මාදිලියේ භාණ්ඩයක් පාරිභෝගිකයාට හඳුන්වා දෙන්න. පසුගිය කාලෙ නම් ජනතාවට ආර්ථික ප්‍රශ්න තිබුණා. ඒ නිසා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිලදී ගන්න ජනතාව යොමුවුණේ නැහැ. එහෙත් උත්සව කාලෙදි ජනතාව භාණ්ඩ මිලදී ගැනීමට යොමු වෙනවා. අප වෙළෙඳ ආයතනයේ සේවකයෝ පහළොවක් පමණ සේවය කරනවා.
ඡායාරූප : සුමුදු හේවාපතිරණ