
Moose Clothing සමාගම විසින් ලංකාවේ මීළඟ පරපුරේ ඔලිම්පික් දක්ෂතාවලින් පිරිපුන් ක්‍රීඩකයන් හඳුනා ගනිමින් ඔවුන්ව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම වෙනුවෙන් නිර්මාණය කළ “Moose Future Olympians – Road to 2032” නම් වූ දීර්ඝකාලීන සංවර්ධන වැඩසටහන පසුගිය දා නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. සාම්ප්‍රදායික අනුග්‍රාහකත්වයකින් ඔබ්බට ගමන් කරමින්, 2032 වසරේ බ්‍රිස්බේන් හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් තරුණ පිහිනුම් ක්‍රීඩකයන් මෙහෙයවීම සඳහා පැහැදිලි සහ විධිමත් මාවතක් සකස් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
මෙය කෙටි කාලීන ප්‍රචාරණ ව්‍යාපාරයක් නොවන අතර ලංකාවේ තරුණ්‍යයේ සංවර්ධනය සහ ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩා අරමුණු කරගනිමින් Moose Clothing සමාගම විසින් සිදු කරනු ලබන දීර්ඝකාලීන ආයෝජනයකි. ඒ අනුව ජාත්‍යන්තර මට්ටමින් තරග කිරීමට හැකියාව ඇති බවට හඳුනාගත් තරුණ පිහිනුම් ක්‍රීඩකයන් පස් දෙනකුගෙන් මෙම වැඩසටහන ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. එහිදී, වයස අවුරුදු 18ක් වන සෙනිත දීනල්, අවුරුදු 19ක් වන ජෙසී සෙනෙවිරත්න, අවුරුදු 15ක් වන අකලංක නිසල්, අවුරුදු 13ක් වන දිසාලි ලොකුවිතාන සහ අවුරුදු 15ක් වන මාර්ක් ද සිල්වා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මීට ඇතුළත් කර ගෙන තිබේ. ඉදිරියේ දී මෙම සංචිතය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂිතය.
“Moose Future Olympians – Road to 2032” වැඩසටහනේ මූලික පරමාර්ථය වන්නේ හුදෙක් පුද්ගලික ජයග්‍රහණ අත්කර දීම පමණක් නොවේ. මෙමගින් අඛණ්ඩ මූල්‍ය අනුග්‍රහය, විධිමත් පුහුණුව සහ ක්‍රියාකාරීත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම හරහා පිහිනුම් ක්‍රීඩකයන්ගේ වර්ධනයට අවශ්‍ය දීර්ඝකාලීන පසුබිමක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරනු ලබයි. මසකට වරක් පිරිනැමෙන මූල්‍ය අනුග්‍රහය, පුළුල් පුහුණු රාමුවක් සහ වාර්ෂික දක්ෂතා ඇගයීම් යන කරුණු මගින් සෑම ක්‍රීඩකයකුම විනයගරුක සහ එකිනෙකාගේ දක්ෂතා කළ හැකි සංවර්ධන ගමනක් ඔස්සේ මෙහෙයවනු ලබයි.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන ලද මෙම ඉහළ දක්ෂතා සහිත පද්ධතිය මෙහෙයවනු ලබන්නේ ආචාර්ය කෞෂාල් මානවඩු මහතා විසිනි. මෙම ව්‍යුහගත ප්‍රවේශය හරහා ඉදිරි වසරවල දී තවත් බොහෝ පිහිනුම් ක්‍රීඩකයන්ට සහය විය හැකි පුළුල් ජාතික සංවර්ධන වේදිකාවක් දක්වා මෙය පරිණාමය වීම මෙහි සුවිශේෂීත්වයකි.

